අට වසරකට පෙර පැවරූ අල්ලස් නඩුවකින් විදුහල්පතිවරයෙක් ද පසුගිය විසි එක් වැනිදා නිදොස් කොට නිදහස් කරනු ලැබීය.
පැල්මඩුල්ල මහින්ද විද්‍යාලයයේ හිටපු විදුහල්පති පී ඩබ්ලිව් පී තලපිටිය මහතා ද උප ගුරු අනුර බස්නායක මහතා ද සමග කේ ඩබ්ලිව් ගාමිණි කුමාර ද කොළඹ මහාධිකරණ විනිසුරු නිමල් නම්බුවසම් මහතා විසින් නිදොස් කැර නිදහස් කරනු ලැබුහ.
නඩු තීන්දුව ලැබෙන විට විදුහල්පති විශ්‍රාම ගොස් සිටියේය.
පළමුවැනි ශ්‍රේණියට දරුවකු ඇතුළු කැර ගැනීම සඳහා රුපියල් අටදහසක අල්ලසක් ගත්තැයි අල්ලස් කොමිසම විසින් මේ නඩුව පැවැරිණි.
මෙවැනි දුර්වල නඩු නිසා ඊට ලක් වන අය හා ඔවුන්ගේ නෑයන් නින්දාවට හා ගැරහුමට ලක් වන බවත් එවැනි කළු පැල්ලම් නිවැරදි කැර ගත නොහැකි බවත් එහෙයින් චෝදනා සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කළ හැකි නඩු පමණක් ගොනු කළ යතු බවත් විනිසුරුවරයා අවධාරණය කළේය.

