බණ්ඩාරගම මැදගම සුපිරි වෙළඳසලකට ගිනි අවි දෙකක් සමග ඇතුළු වූ පිරිසක් එහි සිටි සේවකයන් හා පාරිභෝගිකයන් පස් දෙනකු දණ ගස්වා රුපියල් 27000ක් කොල්ල කා පැනගොස් ඇතැයි පොලිසිය කියයි.
එහි සිටි සේවිකාවකගේ රන් මාලය කොල්ලකෑමට සැරසෙන විට ඇය එක් සැකකරුවකුට පහරදී ඇති අතර එවිට අහසට වෙඩි තබමින් කොල්ලකරුවෝ පැන ගොස් ඇති අතර තවත් සේවකයකු එක් සැකකරුවකු අල්ලාගෙන ඇති බවත් ඔහු අත රැඳි ගිනි අවියෙන් සේවකයාට පහරදී ඔහුගෙන් මිදී පළාගිය බවත් පොලිසියට ලැබී ඇති පැමිණිල්ලේ සඳහන් වේ.
ඇය කරාටි ක්‍රීඩාවෙන් සම්මාන ලැබූ කතන බව පොලිසිය කියයි.