‘මාද්‍ය මර්දනය පරදවමු, අවනීතියට එරෙහි වෙමු‘ යන තේමාවෙන් මාධ්‍ය සංවිධාන එකමුතුව සංවිධානය කළ ‘කළු ජනවාරිය‘ උද්ඝෝෂණය කොළඹ ලිප්ටන් වටරවුමේදී පැවැත්විණි.
මාධ්‍යවේදී පෝද්දල ජයත්නට පහරදීම, ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරීම, මාධ්‍යවේදී තාරුනි සිවරාම් ඝාතනය කිරීම, මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීම හා සිරස මාධ්‍ය ආයතනය ගිනි තැබීම ජනවාරියේදී සිදුවූ හෙයින් ‘කළු ජනවාරිය‘ ලෙස කම් කර ඇත.
විපක්ෂයේ දේශපාලන නියෝජිතයෝ ද, වෘත්තීය සමිති නායකයයෝ ද, මාධ්‍යවේදීහු ද මෙම අවස්ථාවට එක් වූහ. ලිප්ටන් වටරවුමේ සිට පාගමනින් ඔවුහු මහජන පුස්තකාලයට පැමිණ එහිදී සම්මන්ත්‍රණයක් ද පැවැත්වූහ.