අගවිනිසුරු මොහාන් පීරිස් වහා ඉල්ලා අස්වන ලෙස බල කරමින් නීතීඥ සංගම් එකමුතුව හා සිවිල් සංවිධාන එක්ව විරෝධතාවක් අලුත්කඩේ උසාවිය ඉදිරිපිට අද (28) ඇරැඹීය.
තවමන් නීත්‍යනුකූල අගවිනිසුරුවරිය වන ශිරාණි බණ්ඩාරනායක මහත්මිය තව නොබෝ වේලාවකින් අලුත්කඩේට පැමිණ වැඩ බාර ගැනීමට නියමිත බව නීතීඥ එකමුතුගේ කැඳවුම්කරු නීතීඥ සුනිල් වටගල මහතා කියයි.
නීතීඥවරුන් කීවේ අගවිනිසුරු මොහාන් පීරිස් මහතාගේ පත්වීම නීත්‍යනුකූල නොවන බැවින් ඔහුට ඉවත් වන ලෙස රජයෙන් දැනුම් දී ඇති බවයි.






