කළු කඩේ 285කට නඩු


උපරිම සිල්ලර මිල නියම කර ඇති භාණ්ඩ කිහිපයක් එම මිලට වඩා වැඩි මිලකට විකිණූ වෙළෙඳුන් 285 දෙනකුට එරෙහිව නඩු පැවරූ බව පාරිභෝගික සේවා අධිකාරිය කියයි.

උත්සව සමයේ ද දිගටම වැටලීම්   කරන බව එම අධිකාරිය පවසයි.

වියළි හාල්මැස්සන් කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 410ක් දක්වාද, පරිප්පු කිලෝවක්  රුපියල් 169 දක්වාද, කට්ටා කරවල කිලෝවක් 1100 දක්වාද , සාලයා කරවල කිලෝවක්   රුපියල් 425 දක්වාද, කඩල කිලෝවක් රුපියල් 169 දක්වාද, දේශීය කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක් රුපියල් 295ක්  දක්වා අඩු කැරිණි.