දෙහිඅත්තකණ්ඩිය හෙන්නානිගල හිටපු ආදී වාසී නායක තාලාවරිගේ කළු අප්පු (114ට වැඩි) අභාවප්‍රාප්ත විය.
දරුවන් 10 දෙනකුගේ පියකු වු ඔහු පරම්පාරා හතරක මුණුබුරු,මිනිබිරියෝ 105 දෙනෙක් දුටහ.
හික්පොත්තෙන් හා ගැටකිරිවැල් ආධාරයෙන් සෑදූ පෙට්ටියක දේහය බහාලනු ඇත.
අවසන් කටයුතු ඉරිදා (04) හෙන්නානිගල දී සිදුකිරීමට නියමිතය. ආදිවාසී නායක දඹානේ වන්නිල ඇත්තන් හා හෙන්නානිගල ආදිවාසී නායක ගුණබණ්ඩියා අවසන් කටයුතු සංවිධානය කරති.
දඹානේ සිටි කළුඅප්පු අතුලු පිරිස මහවැලි ඉඩම් ලැබ හෙනානිගලට පැමිණයේ.ගාමිණි දිසානායක අභාවප්‍රාප්ත මහවැලි ඇමැතිගේ ඇරියුමිනි.
දඩයමෙන් ජීවත් වු ආදී වාසීන් කෘෂිකර්මයට යොමු කිරීමට හිටපු ඇමැතිවරයා සමත් විය
(ඡායාරූප සහ වීඩියෝ රංජිත් කරුණාවීර)
(හෙන්නානිගල නායක කළු අප්පු වමේ. මිය ගිය තැපැල් බණ්ඩියා දකුණේ)
.

