මීගමු කළපු සංවර්ධනයට වෙන් කළ මුදලින් රුපියල් කෝටි එක හමාරකට අධික මුදල් වැය කර හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරක රැලියක සමරු පළකයක් ඉදිකරමින් රජයේ මුදල් අවභාවිත කළැයි හෙළි වී ඇති ධීවර සංස්ථාවේ හිටපු ඉහළ නිලධාරීන් දෙදෙනකු දැනට දරන තනතුරුවලින් වහාම ඉවත් කරන්නැයි බරපතල දූෂණ වංචා සොයන ජනාධිපති කොමිසම එම අමාත්‍යංශ ලේකම්වරුන්ට දැනුම් දී ඇත.
එක් නිලධාරියකු ධීවර වරාය නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරී ලෙස කටයුතු කරන අතර අනෙක් නිලධාරියා දැන් පොහොර සංස්ථාවේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ ලෙස කටයුතු කරයි.
මේ නිලධාරීන් දෙදෙනා එම තනතුරේ තබා ගැනීම, මුදල් අවභාවිත කිරීමට අනෙක් නිලධාරීන්ට දෙන අනුබලයක් යැයි ද කොමිසම බලධාරීන්ට දැනුම් දී තිබේ.

