වසර කිහිපයකට පෙර යුරෝපයේ නගරයක ජිවත් වු කතක ශ්‍රි ලංකාවෙ සිටි තම සැමියාව ඉතාලියට ගෙන්වා ගත්තාය. ඵතැන් සිට මවත් දියනියත් පියාත් ඵකම නිවසකසතුටින් විසුහ. ඵහෙත් කාලයාගේ ඇවෑමෙන් පියාට බොහෝ මිතුරන් ඇති විය.
පියා මිතුරන් සමග විස්කි බ්‍රැන්ඩි පානය කරමින් තරුණයකු මෙන් සැහැල්ලු ජිවීතයක් ගතකිරිමට පෙළඹෙයි. පියා දිනපතා ගෙදර එන්නේ හතරගාතයෙනි.එසේ වන ඔහු මවටත් දියණියටත් පහර දෙමින් අඩදබර ඇතිකර ගනියි.
පසුව පියා මවත් දියණියත් ශ්‍රි ලංකාවට රැගෙන ගොස් ඵහි රදවා නැවත ඉතාලියට පැමිණියේය.
ඔහුගේ සතුටින් පිරි ජිවීතය තවතවත් වර්ධනය කර ගැනිම සදහා කාලයේ ඇවැමෙන් නැවත ඉතාලියට පැමිණිමට නොහැකි ලෙස මවගෙත් දියණියගෙත් වීසා කල් ඉකුත්වී යයි.
කෙසේ හෝ ඉතාලියට පැමිණෙන වැඩිමහල් පුතා පියා සමග ඵකම නිවසක ජිවත් වේ.
වසර ගණනාවක් මිතුරන් සමග විනෝදයෙන් කල් ගෙවි පියාගේ කකුල් දේකේ නහර ආශ්‍රිත රෝගාබාධයක් හේතුවෙන් සැත්කමක් කිරිමට සිදුවෙයි.
සැත්කමට ප්‍රථම පසුගියදා මෙම පුතා විසින් පියා නිවසින් පන්නා දමයි. යනඵන මන් නැතිවු පියා පොලිසියට ගොස් පුතාගෙන් තමාට සිදු වු අසාධාරණය කියයි. පුතු සොයා පැමිණෙන පොලිසිය පියා නිවසින් පන්නා දැමිමට හේතුව විමසති. තම අහිංසක මවටත් නැගණියටත් පියා විසින් සිදුකළ අසාධාරණයන් වෙනුවෙන් ඔහු මෙසේ වන්දි ගෙවීය යුතුයැයි පුතු පියා ඉදිරියේ පොලිසීයට කියයි.
ඔබ අතිනුත් වැරදි සිදුව තිබෙනවා.මේ සදහා අපට මැදිහත් වෙන්න බැහැ ඉන්න තැනක් නැතිනම් නැවත රටට යන්න ඵසේ පැවසු පොලීසීය පිටත්ව ගියේයෙ.මේ වන විට එම නගරයේ ශ්‍රි ලාංකිකයෝ පිරිසක් විසින් සමිමාදම් ඵකතු කරමින් පියාට නැවත ලංකාවට යෑම සදහා ගුවන් ටිකටි පතක් ලබාදීමට සුදානම් වෙති.