කහවත්තේ වෙළඳ සංගම් ලේකම්ටත් වෙඩි


කහවත්ත නගරයේ ජනපතිවරණ ප්‍රචාරක වේදිකාවක සැරසිලි කරමින් සිටි කහවත්ත වෙළඳ සංගමයේ ලේකම් කරුණාසේන ශාන්ත දොඩම්ගොඩ හා බර්ටි යන එක්සත් ජාතික පාක්ෂිකයන් තුවක්කුකරුවකුගේ වෙඩි පහරින් තුවාල ලබා රත්නපුර රෝහලට ඇතුළු කරනු ලැබ සිටිති.

ශාන්ත දොඩම්ගොඩ මහතාගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි කියයි.

කහවත්තේ වෙඩි තැබීමේ සිද්ධිය සැලවීමත් සමග පැෆරල් නිරීක්ෂකයෝද එහි පැමිණ දසිටියහ.පාර්ලිමේන්තු මන්ත්‍රීනි තලතා අතුකෝරාළ මහත්මිය ද නිරීක්ෂකයන්ට එහිදී කරුණු දැක්වූවාය.

මේ අතර මෛත්‍රිපාල සිරිසේන මහතාට සහාය දීම සඳහා තෙබුවන ඡන්ද රැස්වීමක සරසමින් තිබූ වේදිකාවක් ගිනි තබා ඇතැයි පොලිසියට පැමිණිලි කර ඇත. බයිසිකල් වලින් පැමිණි පිරිසක් ඒ අවස්ථාවේදී එහි සිටි බවට ගැමියන් පිරිසක් දැක ඇත.

DSC00085 DSC00093