කහවත්තේ අනතුරින් 11ක් තුවාල ලබති


(ලසන්ත නිරෝෂණ පෙරේරා)

කහවත්ත කෙටේතැන්න ප්‍රදේශයේදි ලංගම බස් රථයක් සහ දැව කොටන් පටවාගත් ලොරියක් මුහුණට මුහුණ ගැටිමෙන් බස් රථයේ ගමන් ගත් මගීන් 11 දෙනකු තුවාල ලබා කහවත්ත මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

අද 12 වනදා පස්වරු 1.30 ට පමණ මෙම අනතුරු සිදුවි ඇතැයි කහවත්ත පොලිසිය පවසයි.

කොළඹ සිට මොනරාගල දක්වා ගමන් කරමින් තිබු ලංගම බස් රථයක් සහ මොනරාගල සිට කොළබ දෙසට ධාවනය කරමින් තිඹු දැව පටවන ලද ලොරියක් මුහුණට මුහුණ ගැටි තිබේ.

ලොරි රථ රියදුරු ගේ නොසැලකිලිමත් බව අනතුරුට හේතුව බව පොලිසිය පවසයි .  ලොරිය වංගුවකදි වෙනත් වාහනයකට ඉස්සර කිරිම නිසා ඉදිරියෙන් පැමිණි බසයේ ගැටි ඇතැයි කහවත්ත පොලිසියේ රථවාහන අංශයේ නිළධාරින් කළ පරික්ෂණයේදි හෙළි වි තිබේ.