වංචා කළැයි කියන මුදල් ආපසු ගෙවන බව ප්‍රකාශ කළ ස්වයං රැකියා නියුක්තියන්ගේ සංගමයේ හිටපු සභාපති හා කොළඹ නාගරික මන්ත්‍රී මහින්ද කහඳගමගේ රුපියල් 10 ලක්ෂය බැගින්වූ ශරීර ඇප දෙකක් මත ඔහු මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (9) නියෝග කළේය.
නීතිඥවරයකුගෙන් රුපියල් දහසය ලක්ෂ පනස් දහසක (රුපියල් 16,50,000.00ක්) චෙක් පතක් සොරකම් කර මුදල් ලබාගැනීමේ චෝදනාවට සැකපිට අද පෙරවරුවේ ඔහු අත්අඩංගුවට පත්විය.
ඡායාරූප හා වීඩියෝ - ලහිරු හර්ෂණ





