කහටගහ පතළේ වර්ජනයක්


දොඩම්ගස්ලන්ද කහටගහ මිනිරන් පතළේ සේවකයෝ ඉල්ලීම් කිහිපයක් මුල් කැර ගෙන වැඩ වර්ජනයක් ඇරැඹුහ.

සේවය ස්ථිර කිරීම්,රක්ෂණ ක්‍රමයක් ඇතුළු ඉල්ලීම් වර්ජනයට හේතුව බව ශ්‍රීලනිප සේවක සංගමයේ ලේකම් සුසන්ත ප්‍රනාන්දු කියයි.

පතල ඇතුළේ අඩි 1132 සිට අඩි 2000 දක්වා  විවිධ ස්ථරයන්හි  සේවකයෝ හැත්තෑවක් පමණ ද වර්ජනයට එක් වී සිටිති.