(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බොරලැස්ගමුව බෙල්ලන්විල මාර්ගයේ පුබුදු මාවත පදික මාරුව හරහා අපරික්ෂාකාරී ලෙස මාරු වූ පුද්ගලයකු බේරා ගැනීමට ගිය ලොරි රථයක් එකවරම දෙකට කැඩී වැටෙන අයුරු අසල වෙළඳසැලක සවි කර තිබූ ආරක්ෂක කැමරාවක සටහන්ව තිබුණේ මෙසේය
මෙම අනතුරින් කිසිදු පුද්ගලයකුට අනතුරක් නොවූ අතර ලොරියේ ඉදිරිපස කොටසට දැඩි හානි සිදුවිය.
තිරිංග තද කිරීමේදී එහි ඉදිරිපස කොටස දෙකට කැඩි ඇතැයි බොරලැස්ගමුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමේද විමල ගුණරත්න මහතා පැවැසීය.