
(සිතුම් චතුරංග)
ඉන්දියාවේ සිට නීතිවිරෝධී අයුරින් මෙරටට රැගෙනවිත් තිබූ වියළි කහ කිලෝ 532 ක් අද (28) මන්නාරම මූලස්ථාන පොලිසිය විසින් විනාශකරනු ලැබීය.
කොවිඩ් 19 වයිරසය ව්‍යාප්තිය හේතුවෙන් සෞඛ්‍ය අංශ ලබාදී තිබෙන උපදෙස් අනුව එලෙස පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබූ වියළි කහ තොග විනාශ කිරීම ආරම්භ කෙරිණි.
මන්නාරම නගර සභාවට අයත් අපද්‍රව්‍ය පිරිපහදු කරනස්ථානයේදී මෙම කහතොගය විනාශකරනු ලැබූ අතර එහි වෙළෙඳ වටිනාකම රුපියල් ලක්ෂ පහ ඉක්මවන බවද මන්නාරම පොලිසිය සඳහන් කළේය.
පසුගිය 20 වැනිදා මන්නාරම නගරයේදී ඉන්දියාවේ සිට රැගෙනවිත් කොළඹට ප්‍රවාහනය කිරීම සඳහා මෙම කහ තොගය සූදානම්කොට තිබියදී අත්අඩංගුවටගෙන තිබිණ


