කහ ඉරේ මරණෙට ත්‍රි රෝද රියදුරු හිරේට


ගල්කිස්සේදී කහ ඉරේ පදික මාරුවේදී වැඩිහිටියකුගේ මරණය සිදුකළ ත්‍රීරෝද රියදුරු මොහොමඩ් ජවුසම් මොහොමඩ් නිෂාම්ට කොළඹ මහාධිකරණ විනිසුරු අයිරාංගනී පෙරේරා මහත්මිය බරපතල වැඩසහිත වසරක සිර දඬුවමක් නියම කළාය.

ඔහුගේ රියදුරු බලපත්‍රයද වසර තුනකට අවලංගු කෙරිණි. මිය ගිය ෂෙල්ටන් පෙරේරා ගේ පවුලේ ඥාතීන්ට රුපියල් 75,000 ක වන්දි ගෙවන ලෙසද ඔහුට නියම විණි. 2006 අගෝස්තු 19 වැනිදා මෙම අනතුර සිදු කර ඇත.