කසුප් රජ දහනත් හොරට කපයි


සීගිරිය අභය භූමියට අයත් වනජීවී සංරක්ෂිතයේ  කැළෑ හෙලි පෙහෙලි කරමින්  ගස්  කපා  ගිනි තබා  ඉඩම් අත්පත් කැර ගැනීමේ ක්‍රියාවලියක් මේ දිනයන්හිදි  සිදුවෙයි.

අක්කර 20- 25 ක් පමණ මෙසේ අත්පත් කැර ගෙන ඇත.

කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් පිරිසක් මෙය සිදු කරන බව තොරතුරු ලැබී ඇත.

මේ පිළිබදව සිගිරිය වනජීවි  කාර්යාලයයේ නිලධාරියකු පැවසුයේ  මේ පිළිබදව සොයා බලා දැනට  නිතිය ක්‍රියාත්මක කර ඇති බවයි.

 තවත් එවැනි තැන් ඇත්නම් ඒ සදහා පියවර ගන්නා බවද  හේ පැවසීය.