කසුප් කාලේ මැටි මුට්ටියක් සීගිරියෙන්


ඓතිහාසික සීගිරියේ උතුරු දොරටුවේ කැණිම් මධ්‍යස්ථානයේ තිබී කාශ්‍යප යුගයට අයත්  බව කියන  කිලෝ 20 ක්පමණ බරැති මැටි මුට්ටියක් හමු වු බව  මධ්‍යම සංස්කෘතික අරමුදල පවසයි.

කැනීම් අංශයේ ප්‍රධානි  ජී කේ කරුණාරත්න මහතා පැවසුයේ මෙම මැටි මුට්ටිය තවමත් විවෘත නොකළ බවයි.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ  ජනරාල් ආචාර්ය ගාමිණි අධිකාරි, අධ්‍යක්ෂ ජනරාල්  ආචාර්ය ජගත් වීරසිංහ  යන නිලධාරීහු මෙහි පරීක්ෂණ කටයුතු සදහා අද සීගිරියට පැමිණියේය.

මෙවැනි මැටි මුට්ටියක් සිගිරියෙන් හමු වු ප්‍රථම අවස්ථාව මෙය බව මධ්‍යම සංස්කෘතික අරමුදල කියයි.