ඔහු වෛර කරන්නේ ඔහුටමයි. කාලයෙන් පහරදී ඔහු මරා දමන්නේ ඔහුවමයි. ඇය ආදරය කරන්නේ ඔහුටමයි. ඔහුට හොරෙන් ඇය ආදරය කරන්නේත් ඔහුටමයි. ඔහු ස්වයං ඝතකයෙකු නොව මිනී මරුවෙකු වන්නේ ඔහු විසින් ඔහු නොවන ඔහු මරා දැමූ නිසායි. එය අප බොහෝදෙනෙකුගේ ජීවිත කතාවයි. එයින් මෙම කෙටි චිත්‍රපටයේ නම තීරණය වෙනවා.
“විවාහය කියන්නෙ දෙදෙනෙකු අතර තියෙන බැඳීමක්. ආදරයත් සෙනෙහසත් මෙම බැඳීමේ ජීවය බවට පත්වෙනවා. ඒත් කාලය ගෙවී යද්දි, ජීවය ගිලිහිලා බැඳීම පමණක් ඉතුරු වෙනවා. ඒත් එක්ක අතීත සැමරුමකට පුළුවන් අපේ හිතේ ගැටළුවක් ඉතුරු කරන්නට.” මේ එහි අධ්‍යක්ෂක කසුන් සංකල්පගේ අදහස.
කතාව සහ අධ්‍යක්ෂණය - කසුන් සංකල්ප පෙරේරා
සහය අධ්‍යක්ෂණය - සුජිත් ක්‍රිෂාන්ත
තිර රචනය - අඛිල රන්සිරි මලලගේ
කැමරාකරණය - පූජිත කාංචන
රංගනය - භානුක ඒකනායක/නුවන්තිකා ගමගේ
ආදේශ රංගනය - සංජය ආබ්‍රේව්
රචින්ත ජයවර්ධන

