කසුන් චේතනා අතිනත ගනියි


2-IMG_1704   

 

 

නිල්වන් ජලාශේ ජල රැලි    සිනාසේ
කිමිදෙන්න පීනා හදවිලෙහි    මාගේ
සඳකැන් වැටිලා පෙම්වන්ත    යායේ
නැලවෙන්න  ඕනා තුරුලේ    ඔයාගේ

 

 

දඟකාර හැඩකාර සුන්දර යෞවනයේ ආදරය ගැන කියන මේ ගීතය වත්මන් රසික පරම්පරාව ද ආදරයෙන් වැළඳගත් ගීතයකි. හැත්තෑව දශකයේදී අප රස විඳි සුභාවිත ගීත පරම්පරාවට නෑකම් කියන මේ ගීතය වඩාත් විචිත‍්‍ර වූයේ එයට ඇතුළත් මනරම් රූප රචනය හේතුවෙනි.


එහි රඟපාන්නේ ද ගීතයට හඬ මුසු කරන පෙම් යුවලමය. කසුන් පැස්කුවල් සහ චේතනා රණසිංහ ඔවුහුය.


ඉකුත් යුගය පුරා විවිධ මාධ්‍යවලින් කසුන් ගැනත් චේතනා ගැනත් කතා බහ කෙරුණේ මේ ගීතයෙන් ලද අසීමිත ජනප‍්‍රියත්වයත් එකී ගීතයේ කසුන් සහ චේතනා රඟ පෑ පෙම්වතුන්ගේ චරිතයත් නිසාය.


ඔබේ පෙම්වතිය චේතනා ද? යන ප‍්‍රශ්නය 
කසුන්ගෙන් ද, ඔබේ පෙම්වතා කසුන්ද? යන්න චේතනාගෙන්ද අසන්නට හේතු වූයේ ද ඒ අපූරු විචිත‍්‍ර රංගනයමය.


කෙසේ වුවත් දැන් ඒ ප‍්‍රශ්නවලට පිළිතුරු ලැබී අවසන්ය. මාධ්‍යවේදීන් සැක කළ පරිදිම කසුන් සහ චේතනා පෙම්වතුන් වූහ. ඔවුන්ගේ විවාහ උත්සවය දෙසැම්බර් එකොලොස්වෙනිදා කොළඹ හිල්ටන් හෝටලයේදී මහ ජයට පැවැත්විණි.


ඒ විවාහයට කලින් පේ‍්‍රමය ගැන කතා කළ යුතු වෙමු. එබැවින් කසුන්ට චේතනා හමුවූ සුන්දර අතීතය ගැන කියන්නට ඉඩ හසර වෙන් කරමු.
”මගේ තාත්තා කීර්ති පැස්කුවල්. එයාගෙ සංගීත පන්තියට ආපු ගෝලයෙක් තමයි චේතනා. මම සාමාන්‍යයෙන් තාත්තගෙ සංගීත පන්තියට යන්නෙ අඩුවෙන්. ඒත් එක දවසක් මම මේ සංගීත පන්තියට ගියාම ඒකෙ හිටපු ලස්සන ගෑණු ළමයෙක් දැක්කා. එයා තමයි චේතනා....”


ඊට පස්සෙ කසුන් ගිහින් චේතනාට ආදරෙයි කියලා කිව්වා.
”පිස්සු ද? මම එහෙම කළේ නෑ. ඊට පස්සේ මං චේතනා ගැන අවධානයෙන් හිටියා. ඔය අතරේ තාත්තා එයාගෙ හොඳම ගෝලයන්ගේ ගුණ වර්ණනා කරන්න පටන් ගත්තා. ඒ ගෝලයො අතර මුල් තැන හිටියේ චේතනා. ඇගේ දක්ෂකම, ගුණ යහපත්කම වගේ දේවල්වලට තාත්තා ආකර්ශණය වෙලා හිටියේ.

sgh
ඉතින් ඔබ කොහොමද ඔබේ කැමැත්ත චේතනාට දැන්නුවේ?
මගේ තාත්තගෙ උපන් දිනයක් දවසක ළමා නිවාසයට දානයක් තිබුණා. ඒක ඉවර වෙලා සංගීත ප‍්‍රසංගයකුත් පැවැත්තුවා. මේක සංවිධාන කටයුතු කරද්දී මායි චේතනායි හුඟාක් කිට්ටු යාලූවො බවට පත්වුණා.


මුලින්ම ආදරය ප‍්‍රකාශ කළේ ඔබ ද?
ඔව්. ඒත් චේතනා ඒ ආදරය පිළිගන්න බයෙන් හිටියෙ. කීර්ති සර් කැමැති නම් විතරක් මං කැමතියි.... චේතනා කිව්වෙ එහෙම.


ඊට පස්සෙ?
මම නිල්වන් ජලාශේ සිංදුව ගැයුවා. ඊට පස්සේ චේතනාට මේ සින්දුව ගායනා කරන්න ආරාධනය කළා. ඒකෙ පසුබිම් රංගනයේදී චේතනාටත් මටත් රඟපාන්න සිද්ධ වුණේ පෙම්වතුන් විදිහට. ඒ පේ‍්‍රමණීය රංගනයෙන් පස්සේ මං තාත්තට මගේ තියෙන චේතනා ගැන වන කැමැත්ත කිව්වා. තාත්තා කැමති වුණා.


අවසානයේදී හොඳම යාලූවෝ පෙම්වතුන් බවට පත්වූහ. චේතනා සිංදු කිව්වාය. කසුන්ද සිංදු කිව්වේය. දෙන්නාට දෙන්නා එකිනෙකාට උදව් උපකාර කරගත්තා. සුමිතුරන් බවට ද පෙම්වතුන් බවට ද පත්වූහ.


දෙන්නාගේ විවාහය ගැන කතා බහ කළේ අනතුරුවය. 
අපේ වෙඩින් එක දවසෙදී කියන්න සිංදුවක් හදමුද?
කසුන් දවසක් දා චේතනාගෙන් ඇසුවේය.


”හා....”
චේතනා උත්තර දුන්නාය.


කොහොමද ඉතින් ඔය සිංදුව හැදුනෙ?
මම චේතනාගෙන් විමසමි.


සංගීත් වික‍්‍රමසිංහගෙ පුතා සනුක. කලිනුත් කසුන්ට සිංදුවක් හදල තිබුණා. ඉතින් කසුන් සනුකටමයි මේ අලූත් සිංදුවත් බාරදුන්නෙ.
සනුක ගම්පහ ගෙදරට වී මේ අලූත් සිංදුවට තනුවක් නිර්මාණය කරමින් සිටියේය.


මොකක්ද පුතේ කරන්නෙ?
තාත්තා සංගීත්, පුතා වුවමනාවෙන් කරන කටයුත්ත කුමක් දැයි සොයා බැලූවේය.
කසුන් අයියගෙ වෙඩින් එකට සිංදුවක් හදනව තාත්තේ”
සනුක කීවේය.


ඊළඟට ඔහු එතෙක් හදා අවසන් කර තිබූ සංගීත කොටස තාත්තට වාදනය කර පෙන්නුවේය.
 ඕකට ලියන්න  ඕනෙ වචන ටික මගෙ ඔලූවට ආවා පුතේ” කී සංගීත් පුතාගේ තනුවට වචන දාන්නට පටන් ගත්තේය.


මොනවද චේතනා ඒ වචන ටික?
මම චේතනාට කතා කරමි.


පොඞ්ඩක් ඉන්න කී චේතනා සංගීත්ගේ වචන ගොඩ කියවන්න පටන් ගත්තාය.
තනිවෙන්න අපේ ලොවේ
විඳගන්න පෙම් සුවේ
පෙරුම් පුරා ආදරෙන් ඔබ හා එමි
කොඳුරන්න පෙම් වදන්
සඳ පෑයූ මේ රැයේ.......
සසරේ පුරා එමින් දින ගැන්නා සේ
ආලවන්තියේ මේ පේ‍්‍රම ගීත අම්බරේ
ඔබයි මමයි වෙලී පියාඹා යමු
පේ‍්‍රමවන්තයෝ ගයනා ඒ පේ‍්‍රම ගී රාවේ
ඔබයි මමයි සදා ජීවත් වෙමු
මේ ආදර ගීතයේ පදවැල් 
එකින් එක අරන් 
ලියා තබන්නෙමි ආකාසේ
ඔබ මිමිනූ වදන්
හඬගා ගයන්නෙමි බවෙන් බවේ
රැව් දෙමින් ඇසෙනා තුරා


”දැන් මේ සිංදුවෙ වීඩියෝවත් කරල තියෙන්නෙ. මේකෙ ඉන්නෙත් මම, කසුන් වගේම අපේ යාලූවො ටික දෙවැනි මනමාලි එහෙම.”
ඒ කව්ද චේතනා?


සමිතා මුදුන්කොටුවගෙ දුව, නුවන් ගුණවර්ධනගෙ පුතා, සනුක, නලින් පෙරේරාගෙ පුතා, මගෙ නංගි ඇතුළු මහ ගොඩක් ඉන්නවා.


ඔයා මනමාලි විදිහට අඳින්න තෝරගත්තෙ?
මම අඳින්නෙ හින්දි විදිහට.
හින්දි විදිහට?


මට සිහිපත් වූයේ නිල්වන් ජලාසේ ගීතයේ රූප රචනයයි. එහිද චේතනා මට පෙනුණේ හින්දි නිලියක ලෙසිනි. ඉතින් චේතනා මනාලිය වී සිටින දසුන ද ලස්සන චිත‍්‍රයක් මෙන් වනු ඇත.
මේ පති-පතිනිවරුනට ඊයේ පෙරේදා තවත් ගීතයක් ගායනා කිරීමට සිදුවිය. හැබැයි එය තම දියණිය කුලගෙට යන දවසේදී මව්පියන් ගයන ගීතයකි.
සියල්ලටම කලින් මම එහි එන සුන්දර වචන ටික මෙහි ලියන්නෙමි.

 

වසන්තේ මල් සමය විකසිත වී
කැදැල්ලේ දඟකාර දූ කුමරී
මනාලිය වී යන්න යයි ඉගිලී
සරා සඳ නැති ලොවේ මං තනිවේ.......
මේධා මේධා කුලගෙදර මිණිපහණ
දුව මේධා......
මාපියන් කුල දේවතා සදිසි
නෑසියන් ළඟ වාසනා සඳකි
කාසි රන්මසු නැතත් යහගුණැති
මට මගේ දුව රන් පහන් වැටකි

බව බෝග යස ඉසුරු හිම්වේවා
ජය සතුට රැුකවරණ සැලසේවා
පියනගන බිම කුසුම් හිනැහේවා
මගේ ඇස් දෙක දුව තමයි මේධා

සිප් සතර ලැබ යහගුණය විහිදා
උතුම් තෙරුවන් ගුණ නැණෙන් පහදා
අපේ නාමය හොඳින් රැුක හැමදා
නව යුවළ දෙවි වරුන් රැකදේවා

 

කසාද බඳින්නත් කලින් කාටද කසුන් මේ සිංදුව කිව්වෙ?
මම කසුන්ගෙන් අසමි


‘‘මගෙ තාත්තගෙ යාලූවෙක් තමයි ධර්මරත්න පෙරේරා කියන්නෙ. එයාගෙ දුව මේධාවිනි කුලගෙට යන දවසෙ වෙඩින් එකේදී ගීතයක් එළිදැක්වුවා. ඒ ගීතය තමයි මේ. කිව්වෙ මමයි චේතනායි. සංගීතය මහින්ද බණ්ඩාරගෙ.


මේ ගීතය ගැන වැඩිමනක් තොරතුරු දැන ගැනීමට මම ප‍්‍රවීණ ගීත රචක ධර්මරත්න පෙරේරා අමතමි.
”මම කාලෙක ඉඳල ලියපු ගීත සිය ගණනක් තියෙනවා. මේවයින් කාලෙන් කාලෙට ජනප‍්‍රිය වුණු ගීත ටිකක් එකතු කරල සීඞී තැටියක් කරන්න  ඕනෙ කියලා මං හිත හිතා හිටියා හුඟක් කාලෙක ඉඳන්.

10474467_711188598960747_7014390920366963419_n_Snapseed
සනත් නන්දසිරිගෙ නුඹෙ සුවඳ පිරුණු පුංචි කාමරේ, ප‍්‍රියා සූරියසේනගෙ ලිහිණින් ?න පියා සලන්නේ, චන්දන ලියනආරච්චිගෙ පමා වැඞී, නිල්වන ලන්දේ, නාමල් උඩුගම සහ නිරෝෂා විරාජිණීගෙ කෝවිල් බිමට හඳක් පායා, වික්ටර් රත්නායකගෙ ඉස්සර වාගේ හඳ ලස්සන නෑ, ටී.එම්. ජයරත්නගෙ මාල හතක් බැඳ, එච්.ආර්. ජෝතිපාලගෙ අපි ආයෙ ඉතින් වගේ ගීත රැසක් මේ අතරෙ තියෙනවා. ඒ ගීත සමග මගෙ දුවගෙ විවාහය වෙනුවෙන් ගීතයක් නිර්මාණය කරන්නත් මට හිතුණා. ඒ ගීතය කිව්වෙ කසුන් සහ චේතනා.


දුවගෙ නම මේධාවනී. මම මේ ගී එකතුව මේධාවී කියල නම් කළේ ඒ නිසයි.


මේ ගී තැටිය මම මගේ දුවගෙ විවාහ උත්සවයට පැමිණි හැමෝටම සිහිවටනයක් විදිහට තිළිණ කළා.’’
මේ හැඟුම්බර ගීතය දියණියක් විවාහ වන දිනයට ගැයීමට තිබෙන ගීත අතළොස්ස අතරට එකතු වූ අපූරු නිර්මණයක් සේ හැෙඟයි.


අද විවාහ උත්සවයකදී වාදනය කිරීමට ඇත්තේ පුංචි දවස්වල නින්දට යද්දී, කැදැල්ලෙ උන් ඒ, දුවේ නුඹ මගේ ප‍්‍රාණයයි, රාං කුරුල්ලලෝ රාං කුරුල්ලෝ, රත්තරං දුවේ මගේ රත්තරං දුවේ වැනි ගීත කීපයක් පමණකි. එබැවින් මේධා ගීතය කාලීන අවශ්‍යතාවයක් බව ලියා තබමි.


m