
(පද්මසිරි ගාර්දියවසම්)
අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේදී කසිප්පු නඩුවකට සිර දඩුවම් නියමවූ රැදවියකු ලග තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් හතක් සොයාගෙන ඇතැයි අගුණකොලපැලැස්ස පොලිසිය පවසයි.
කසිප්පු ලග තබා ගැනීමේ නඩුවකට මෙම රැදවියාට අගුණකොලපැලැස්ස මහේස්ත්‍රාත් අධිකරණයෙන් රුපියල 5000 ක දඩයක් නියම කර තිබේ.
දඩය නොගෙවීම නිසා ඔහුට මාස හයක සිර දඩුවමක් නියමවී ඇත.
බන්ධනාගාරයට රැගෙන ආ රැදවියා සිර මැදිරියට දැමීමට පෙර බන්ධනාගාර නිළධාරින් පරීක්ෂා කළ අවස්ථාවේ ඔහුගේ යට කලිසමේ සූක්ෂ්ම ලෙස සඟවා ගෙන සිටි අයිස් මත්ද්‍රව්‍ය එම නිළධාරින් සොයාගෙන ඇත.

