කොක්කඩිචෝලේ කසිප්පු වැටලීමකට ගිය පොලිසියේ පිරිසක් සහ නිවැසියන් අතර ගැටුමකින් දස දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි.
කසිප්පු සමග සැකකාරිය අත්අඩංගුවට ගැනීමට යෑමේ දී උරණ වූ නිවැසියන් පොලිස් කොස්තාපල්වරයකුට පොල්ලකින් ගසා වාහනවලට පහර දුන් බවත්, ඔවුන් විසිරැවීමට අහසට වෙඩි තබද්දී තුවක්කු උදුරා ගැනීමට උත්සාහ කරද්දී දෙදෙනකුට වෙඩි වැදුණු බවත් පොලිසිය පවසයි.
ගැටුමෙන් තුවාල ලැබූ කාන්තාවෝ දෙදෙනෙක් (52, 24) හා පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙක් මඩකලපුව රෝහලට ඇතුළු කරනු ලැබූහ.
සුළු තුවාල ලැබූ නිවැසියෝ දෙදෙනෙක් හා පොලිසියේ සිව් දෙනෙක් ප්‍රාදේශීය රෝහලක ප්‍රතිකාර ලබති.

