කසිප්පු ප්‍රවාහනය කළ ත්‍රිරෝද රියක් නඩු භාණ්ඩ ලෙස උසාවියට ඉදිරිපත් නොකිරීමට රුපියල් ලක්ෂයක් ඉල්ලා ඒ වෙනුවට රුපියල් දහඅට දහසක් හා රන් මාලයක් අල්ලස් ගත්තැයි කළුතර කොට්ඨාස දුෂණ මර්දන අංශයේ ස්ථානාධිපති ද කොස්තාපල්වරු දෙදෙනෙක් ද මතුගම වැඩ බලන මහේස්ත්‍රාත් සුසන්ත ජයසිංහ මහතා විසින් 14 දක්වා රිමාන්ඩ් කරනු ලැබූහ. උප පොලිස් පරීක්ෂක චමික අරවින්ද, කොස්තාපල්වරු වන සුනිල් රංජිත් සහ දිමුතු ඔවුහුය.
සැකකරුවන් ආරක්ෂා සහිතව විශේෂ සිර මැදිරියක රඳවන ලෙසත්, රෝගී තත්ත්වයේ සිටින උප පොලිස් පරීක්ෂකවරයා සහ කොස්තාපල්වරයකු බන්ධනාගාර රෝහලට ඇතුළත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කෙළේය.

