කසිප්පු අල්ලන්න පොලීසිය වගුරක පීනයි


අම්බලංගොඩ ගල්දූව කුරුළුබැද්ද රක්ෂිතයේ වගුරු බිමක කසිප්පු වැටලීමට අම්බලංගොඩ පොලීසිය අද පීනා ගියේය.
පැය හයක මෙහෙයුමකින් පසු කසිප්පු ද, පෙරුම් උපකරණ ද රැසක් සොයා ගත්තේය. ගම් කිහිපයකටම කසිප්පු එමතිප්පොලෙන් බෙදා හරින්නට ඇතැයි පොලීසිය කියයි.
ඇමෝනියා, යූරියා, ඊස්ට්, මඩ වතුර පල් කරන බඳුන්කරන තැන්වලට හූනනන්, කටුස්සන්, කුරුමිණියන්, උරගයන්ද බොහෝවිට වැටී මිය යතියි කසිප්පු පෙරන්නෝම කියති.
අම්බංගොඩ කසිප්පු ස්ප්රීයට් බෝතලයක මිල රුපියල් 800කද, කසිප්පු බෝතලයක් රුපියල් 500කට ද අලෙවි වේ. ගම්පහ ස්ප්රීරතු කසිප්පු බෝතලයක් රුපියල් 400කි. කසිප්පු බෝතලයක් රුපියල් 300කට ද අලෙවි කරේ.
අරක්කු මිල වැඩිවන විට කසිප්පුමිලද වැඩි වන බව කියති.
අඩුම මිල අරක්කු බෝතලය රුපියල් 845කි.
ප්රමදේශ අනුව කසිප්පු ට විවිධ නම්වලින් හැඳින් වේ. ටොනික්, ගල්බමුණා, වැල බමුනා, වෙල්ෆැන්ටා, හිටපංමචං, කචන් ෆැන්ටා, නැටුම් තෙල් ඉන් සමහරකි.