ස්කොට්ලන්තයේ, ග්ලාස්ගෝ, බෞද්ධ විහාර කඨින පිංකම විහාරාධිපති, කෝට්ටේ ශී‍්‍ර කල්‍යාණී සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ, එක්සත් රාජධානියේ සංඝනායක, රාජකීය පණ්ඩිත, කඹුරාවල සිරි රේවත නාහිමිගේ අනුශාසනා පරිදි පැවැත්විණි. කඨීන චීවර පූජා මහා පිංකම, කඨින පෙරහර හා සඟසතු මහා දානය ආදී පිංකම් මෙවරත් ඉතා උත්කර්ෂවත් අයුරින් සිදුවිය.
මහා සංඝරත්නයද, සදුවතින් සැරසුණු පිරිසද ළමා සාරිවලින් සැරසුණු දැරියෝද කඨින චීවරය රැගත් පෙරහරෙහි ගමන් කළහ.
අපවත්වී වදාළ කෝට්ටේ ශී‍්‍ර කල්‍යාණී සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ මහානායක බෙල්ලන ශී‍්‍ර ඥානවිමලාභිධාන මාහිමි ගුණ සමරා පුණ්‍යානුමෝදනා කිරීමද විශේෂ කටයුත්තක් ලෙස සිදුකළ අතර උන්වහන්සේ වෙනුවෙන් පුෂ්පෝපහාර පූජාවක්ද පැවැත්විණි.
කඨින චීවර පූජා මහා පිංකම ට ග්ලාස්ගෝ නුවර පදිංචි සිංහල බෞද්ධ මහජනතාවට අමතරව ස්කොට්ලන්ත ජාතිකයෝද විශාල ප‍්‍රමාණයක් පැමිණ සීටීම විශේෂයක් විය.
බර්මින්හැම් මහා විහාරාධිපති, විතාරන්දෙණියේ කස්සප මාහිමි, ලෙච්වර්ත් බෞද්ධ විහාරාධිකාරී මතුගම පාලිත හිමි, වීරකැටිය, නයිගල රාජමහා විහාරාධිකාරී වකමුල්ලේ
උදිත, ග්ලස්ගෝ විහාරවාසී කට්ටකඩුවේ සුමනරතන ඇතුළු හිමිවරු අට නමක් මේ පිංකමට වැඩම කළහ.
ග්ලාස්ගෝ සරසවියේ මහාචාර්ය කෙනත් හට්ස් සතිපට්ඨානය අළලා දේශනයක්ද පැවැත්වීය.













