කසළ තේ තොගයක් ඇත්කඳුරෙන් අල්ලයි


වෙළඳ පොළට යැවීමට සකසමින් තිබූ කසළ තේ කිලෝ 23,617 ක් ඇත්කඳුර මද්දවිල දී අත්අඩංගුවට ගත් බව හියාරේ පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. කසළ තේ ගෙනවිත් ඒවා වෙළඳ පොළට යැවීමට යළි සැකසූ බවට සැකපිට පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සතුව කසළ තේ 7000ක් ළඟ තබා ගැනීමට ශ්‍රී ලංකා තේ මණ්ඩලය නිකුත් කළ බලපත්‍ර‍යක් ද තිබූ බව පොලිසිය කියයි.

IMG_0156[1] IMG_0162[1] IMG_0164[1] IMG_0177[1]

ඡායාරූප - දීපාල් ද සිල්වා