කසළ තේ කිලෝ 29,000 ක් එස් ටීඑෆ් බාරයට


(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න) 

"ශ්‍රී ලංකා තේ " ලේබලය යටතේ අපනයනය කිරීමට සැලසුම් කර තිබූ  කසළ තේ කිලෝ 29,000 ක් බාරයට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි .

ගෝනහේන පොලිස් විශේෂ  කාර්යය බළකා බුද්ධි  අංශයට ලද තොරතුරක් අනුව මෙම  වැටලීම සිදුකර තිබුණි .

එහිදී සීදුව කොටුගොඩ ප්‍රදේශයේ ගබඩාවක සගවා තිබූ  මෙම කසළ තේ කිලෝ 29,000 සහ ඒවා ප්‍රවාහනය කිරීමට යොදා ගත් බවට සැකකෙරෙන කන්ටේනරයක් සහිත ට්‍රක් රථයක් ද  බාරයට ගත් බව පැවසේ .

මෙම කසළ තේ තොගය මැදපෙරදිග රටවලට ප්‍රවාහනය කිරීමට සැලසුම් කර තිබූ බවද පැවසේ .