කසල තේ කිලෝ ලක්ෂයක් සපුගස්කන්දෙන් අල්ලයි


මැද පෙරදිග රටවලට අපනයනය කිරීමට සූදානම් කර තිබූ කසල තේ කිලෝ එක් ලක්ෂ හාරදහසක් සමග හිමිකරු ඇතුළු දෙදෙනකු සපුගස්කන්ද මාකොළ දකුණ විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

පොලිසියට ලැබුණු තොරතුරක් මත එම ස්ථානය වැටලීමේදී අඩි 40 කන්ටේනරයක් එම මාර්ගයේ ගමන් කරමින් සිට ඇති අතර නිලධාරීන් එම කන්ටේනරය නවතා පරීක්ෂා කිරීමේදී අපනයනය කිරීමට සූදානමින් වරායට රැගෙන යමින් තිබූ කසල තේ කිලෝ 10,000ක ප්‍රමාණයක් සොයාගෙන ඇති බවද කියති.

KasalaTea_201511102 KasalaTea_201511103 KasalaTea_201511104 KasalaTea_201511105 KasalaTea_201511106

ඡායාරූප - ඉන්දිකා රාමනායක