කසල තේ කන්ටේනරයක් අල්ලයි


වෙලම්බඩ සිට කෑගල්ලට ප්‍රවාහනය කරමින් තිබු කසල තේ ලොරියක් ලගමුව ප්‍රදේශයේදී අත් අඩංගුවට ගත් බව කඩුගන්නාව ‍පොලිසිය කියයි.

කිලෝග්‍රෑම් 35 බැගින්වූ පැකට් 233 ක් එහි තිබී ඇතැයිද කසල තේ ප්‍රවාහනය සඳහා අවසර පත්‍රයක්ද නොතිබුණු බව පොලිසිය පවසයි.

ලොරි රියදුරා සහ එහි සහායකයා අත් අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

l-1 l-3 l-4