කවුඩුල්ල ජාතික උද්‍යානයේ ‘රොට වැව‘ ධීවර තොටුපළ ආසන්නයේ දී අල්ලා මස් කළ අඩි 12 ක් දිගැති කිඹුලකු සමග සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
එහි තිබී කිඹුල් බිත්තර 34 ක් ද කිඹුල් මස් කිලෝ 100 ක් පමණ ද සොයාගෙන ඇත.
කිඹුලා ආරක්ෂිත සත්ත්වයෙකි. කිඹුලන් මැරීම, මස් අලෙවිය, නිවසේ ඇති කිරීම ආදී සියල්ල නීතියෙන් තහනම්ය.




