කවුඩුල්ල ජාතික වනේද්‍යානයේ රොට වැව ඉස්මත්තේ අද (5) අලුයම ඇති වූ ගින්නක් අක්කර දහසක පමණ ප්‍රදේශයකට පැතිර ගොස් ඇතැයි වනජීවි නිලධාරීහු කියති. ගුවන් හමුදාව යුද හමුදාව පොලිසිය සහ වනජීවි අංශ එකතුව ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කරයි. දැඩි සුළං තත්ත්වය ගින්න පැතිරයාමට හේතුවී ඇත. පෙර දින ද සෝමාවති ජාතික වනෝද්‍යානයේ ඇති වූ ගින්නක් වැඩිදුර පැතිරයාමට නොදී මැඩ පැවැත්වූ බව ද වනජීවි අංශය කියයි.

