කවීෂා අයේෂානි දිවි රඟ මඩලෙන් සමුගනී


රංගන ශිල්පිනි මාතලේ මුවන්දෙණියේ කවිෂා අයේෂානි(25)  අද (16) අලුයම 3.30ට පමණ නුගේගොඩ ජුබිලි කණුව අසල සිදු වූ රිය අනතුරකින් මියගිය බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

ඇයගේ මෘත ශරීරය දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ තබා ඇත.

අනතුර සිදුවන අවස්ථාවේ ඇය විසින් රථය පදවා ඇතැයි පොලිසිය පවසයි 

ඇය කෝරළේ මහත්තයා ටෙලි නාට්‍යයේ මුතුගේ චරිතයෙන් ජනප්‍රියත්වයට පත් වූවාය. ඇගේ වැඩිමල් සොයුරාද මීට වසර 14කට පෙර රිය අනතුරකින් මියගොස් ඇති බවත් ඇගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බදාදා (19) කිරිඳිවැලදී සිදුකිරීමට නියමිත බවත් පවුලේ ඥාතීහු කියති.

DSC03068 DSC03078 vlcsnap-2016-10-16-11h11m29s148 vlcsnap-2016-10-16-11h12m11s56

ඡායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ

14379976_1081717335248933_3737709268999643869_o

 

වීඩියෝ - බිමල් ශ්‍යාමන් ජයසිංහ