කලිසම් ඉනෙන් ලක්ෂ 26 ක රන්


රුපියල් විසි හය ලක්ෂ තිස් හත් දහසක් වටිනා රත්තරන් බෝල හතරක් කලිසම්  ඉනෙහි වාටියේ  සගවාගෙන බැංගලෝරය බලා යාමට පැමිණි ශ්‍රී ලාංකිකයෝ දෙදෙනක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී  අද  අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.

සැකකරුවෝ මහනුවර අකුරණ ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.

අත් අඩංගුවට ගනු ලැබු රන් බෝල වල බර ග්‍රෑම් පන්සිය විසි හතකි.

ඔවුහු ශ්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යු.එල් 173 දරණ ගුවන් යානයෙන් බැංගලෝරය බලා යාමට කටුනායකට පැමිණ ඇත.

එහිදී  රේගු නිලධාරීන් විසින් සැකකරුවන් පරීක්ෂා කිරීමේදී ඔවුන්ගේ බඳ පටියට යටින් කලිසම් ඉනෙහි  සගවා තිබු මෙම රත්තරන් බෝල සොයාගෙන ඇත.

මේ පිළිබඳ රේගු පරීක්ෂණය සිදු කළ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ෙජ්.පී චන්ද්‍රරත්න මහතා විසින්   එක් අයෙකුට රුපියල් විසිපන්දහස බැගින් දඩ නියම කොට එම රත්තරන් බෝල රාජසන්තක කළේය.

මේ පිළිබඳ විමර්ශණ කටයුතු ගුවන් තොටුපොළ රේගු අධ්‍යක්ෂක ඒ.කේ.එන් වික්‍රමසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ෙජ්.පී චන්ද්‍රරත්න මහතාගේ මෙහෙයවීමෙන් ෙජ්.  රේගු අධිකාරීවරුන් වන සී. පෙරිම්බනායගම්, එස්. ආනන්ද ඊස්වරන් සහ සහකාර රේගු අධිකාරීවරුන් වන අසංක ගුණසේන, චින්තක කොට්ටච්චි, සිසිර කුමාර, සිසිර පෙරේරා, වරුණ බන්ඩාර, සහන් ජයසිංහ, සඳුලි මැඩොන්සා යන නිලධාරීහු සිදු කළහ.
 

1 2