කලාවෙන් ජාතික සමඟිය


ප්‍රංශයේ පැරිස් නුවර ගම්බෙත්තා සිනමා ශාලාවේදී ශ්‍රී ලාංකික සංස්කෘතික උළෙලක් පැවැත්විණි. පැරිස් නුවර සම අයිති ව්‍යාපාරය හා සම්බන්ධ වුණු යුරෝපයේ සම අයිති ව්‍යාපාරයට සම්බන්ධ ශාබා සමිති මෙම සංස්කෘතික උළෙල සංවිධානය කළේය.

ප්‍රංශය නොර්වේ එංගලන්තය ස්විට්ස්ර්ලන්තය, ඉතාලිය, ඩෙන්මාර්කය වැනි රටවලින් පැමිණි සිංහල දමිල මුස්ලිම් ජාතිකයෝ තම කලා හැකියා පැරිස් එළිදැක්වූහ. ඡයාරුප ප්‍රදර්ශනයක් හා වීඩියෝ වාර්තාමය වැඩසටහන්ද, යුදපිටියේ සවාරිය, සිංහල නාට්‍ය හා  කූත්තු, පොයික්කාල් කුතු රායි වැනි දමිල සාම්ප්‍රදායික ගැමි නාට්‍ය කිහිපයක්ද  ඒ අතර විය.

ඉතාලියේ වෙරෝනා නුවර නෙවර්බෑක් සංගීත කණ්ඩායම හා හෙළ මියැසි සංගීත සංසදය සංගීතය සැපයිය. පැරිසියේ ජිවත් වන ලාංකිකයකු වන   මුයිස් වහබින් මහතා පැවසුවේ ජාතික සමගිය පලුදු කරා දේශපාලන බඩගෝස්තරවාදය වෙනුවෙන් පෙනී සිටින අපේ පාලකයින්ට මෙයින් හොඳ ආදර්ශයක් දෙනවා. පිටරට ඉඳගෙන හෝ මේ ආදර්ශය ලංකාවට ගෙනියන්න පුළුවන් නම් හොඳ දෙයක්. දමිල ජාතිකයෙකු වන මුරලිදාස් මෙසේ කියයි. මම වැල්වැටිතුරේ ප්‍රභාකරන්ගේ නිවාස අසලයි පදිංචි වෙලා හිටියේ. යුද්ධයට මම කැමති නැහැ. එයින් අපේ රටත් ජාතික සමගියත් විනාශ වුණා.

අපේ සංස්කෘතියට අපේ කලාවට මම බොහොම ආදරෙයි. මම ලියපු සින්දු තුනක් මේ වේදීකාවේදී මම ගායනා  කරනවා. එකට සංගීතය දෙන්නේ ඉතාලියෙන් ආ සිංහල සංගීත කණ්ඩායමක්. දැන් යුද්ධය ඉවරයි ලාංකිකයන් විදියට සමගියෙන් එකට ගමනක් යන්න අපිට පුලුව වෙයි. යුරෝපා සම අයිති ව්‍යාපාරයේ කමිටු සාමාජිකයෙකු වන බ්‍රෙෂියා නුවර පිමස් විජිත මහතා, බෙදුම්වාදී යුද්ධය ඉවරයි. නමුත් ආකල්ප වෙනස්වෙලා නැහැ. නැවත යුද්ධයක් ඇති නොවෙන්න නම් මේ ආකල්ප ඉක්මනින් වෙනස් විය යුතුයි. දේශපාලන අරමුණු වෙනුවෙන් ජාතිවාදයත් ආගම්වාදයත් පතුරවන්නන් ඒකට ලොකු බාදාවක්. තම තමන්ගේ සංස්කෘතියට ආවේනික කලා හැකියාවන් එක්ක සිංහල දමිල මුස්ලිම් ජාතිකයින් යුරෝපයේ ප්‍රථම වතාවට එකම වේදිකාවට ගෙන්න අපිට හැකි වුණා. මේ සමගිය යුරෝපය පුරාවට ගෙනියන්න අපි බලාපොරොත්තු වෙනවා.     

IMG_9704 IMG_9712 IMG_9719 IMG_9731 IMG_9733 IMG_9737 IMG_9741 IMG_9744 IMG_9754 IMG_9758 IMG_9772