කලාපයෙන් නිදහස් නොකළැයි අධ්‍යක්ෂට තර්ජන


ගණිත ගුරුවරියක උඩුගම කලාපයෙන් නිදහස් කර ගාල්ල කලාපයට මුදාහරින ලෙස බල කරමින් ගුරුවරියගේ සැමියා සහ තවත් හතර දෙනකු තම ගාල්ල වකුණුගොඩ පිහිටි තම නිවසට බලෙන් ඇතුළු වී තර්ජනය කල බව උඩුගම කලාප අධ්‍යක්ෂ අබයසිරි පියසෝම නල්ලපෙරුම මහතා ගාල්ල මූලස්ථාන පොලිසියට පැමිණිලි කළේය. පොලිසිය පවසන්නේ මේ සම්බන්ධ විමර්ශනයක් ආරම්භ කරන බවයි