කලාකරුවොත් විදුලි සටනට


වැඩිකළ විදුලිය ගාස්තු පහළ දමන ලෙස රජයට බල කරමින් අනිද්දා (21) ආරම්භ කෙරෙන ඒකාබද්ධ වැඩ වර්ජනයට සහාය පළකරන බව කලාකරුවෝ රැසක් පවසති.

ජීවන වියදම දරාගත නොහැකි ලෙස ඉහළ යමින් තිඛෙන මොහොතක විදුලිය ගාස්තුව අසාධාරණ ලෙස ඉහළ දමා ඇති බවටත් එය පහත හෙළන ලෙස විවිධ පාර්ශ්ව කළ ඉල්ලීම් කිසිවක් නොතකා ආණ්ඩුව හිතුවක්කාරී ලෙස කටයුතු කරමින් සිටින බවටත් චෝදනා කරන මෙම කලාකරුවෝ පිරිස මැයි 21 වැඩ වර්ජනයට කලාකරුවන්ගේ සහාය මැයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

ධර්මසේන පතිරාජ, ආරියවංශ රණවීර, ප්‍රසන්න විතානගේ, ජයතිලක කම්මැල්ලවීර, පරාක්‍රම නිරිඇල්ල, බුද්ධදාස ගලප්පත්ති, නන්දන වීරසිංහ, චන්ද්‍රසෝම බිංදුහේවා, උපුල් ශාන්ත සන්නස්ගල, විනී හෙට්ටිගොඩ හා කේ.බී.හේරත් ඇතුළු  කලාකරුවෝ 60 දෙනෙකුගේ අස්සන්වලින් යුතුව මෙම නිවේදනය නිකුත් කරති.