ජනප්‍රිය ගී නිර්මාණ සිදු කර ජාත්‍යන්තරයට පවා රැගෙන ගිය ඔහු භාතිය ජය කොඩිය.වර්තමාන ගී නිර්මාණ ගැන ඔහු අප හා සදහන් කලේ මෙවන් අදහසකි.
කලාකරුවා හෝ සිංහල සංගීතය කලක් තිස්සේ පරිණාමය වෙන දෙයක්. සියලුම ක්ෂේත්‍ර පටන් ගන්නේ ප්‍රාථමික පැත්තෙන්. මිනිසුන්ගෙ සිතුවිලිවලින්.
ආධ්‍යාත්මික දියුණුව ඇවිත් ලෞකික දියුණුවත් එයට එකතු වෙනවා. අද කාලේ වෛද්‍යවරයෙකුයි, පරණ වෛද්‍යවරයෙකුයි අරන් සසදන්න බැහැ. අද පේෂන් කෙනෙක්ගෙන් කීයක් හරි ගන්නවා කියන්න බැහැ. මොකද ඒ තිබ්බ වාතාවරණය සම්පූර්ණ වෙනස්. එකම විදියට ජීවත් වුණත් ගම සහ නගරයේ ජීවත් වෙද්දි පිරිවැය වෙනස්. ඔය ආර්ථික රාමුවට කලාකරුවට යන්න වෙනවා. නැත්තම් ජීවත් වෙන්න බෑ.ඒකයි අද වෙලා තියෙන්නේ.
අදටත් සමන් ලෙනින්ලා, සහන් රන්වලලා වගේ බොහෝ අය ඉන්නවා අපේ ජන ගී සම්ප්රදාය රැකගෙන නිර්මාණ කරන. ඒ වගේම ඉන්දියානු සංගීත සම්ප්රදාය කරන බටහිර පන්නයට වගේම අපිව ලේබල් කලා වගේ ඔය අතරමැද ඉන්න පිරිසකුත් ඉන්නවා. ඕක දැන් පේන්නෙ මාධ්‍ය නිසා. මාධ්‍යම නැවත ඔය ප්‍රශ්නෙ අපෙන් අහනවා. ඔය ප්‍රශ්නෙ ඔබ අහන්න ඕන කලාකරුවගෙන් නෙමෙයි, මාධ්‍යයෙන්. ඇයි මාධ්‍ය ඒ ටිකම තෝරගන්නේ.
නිදුක් මදුෂික/ජායාරූප මිහිර බණ්ඩාර



