කලාකරුවන් පිරිසකට කුඹුක්ගැටේදී ප්‍රහාරයක්


 ‘මුලාවෙන් මිදෙමු‘ මැයෙන් වීදි නාට්‍යයක් පෙන්වමින් සිටි තරුණ කලාකරුවන් පිරිසකට කුරුණෑගල කුඹුක්ගැටේ දී  කිසියම් පිරිසක් පහර දුන් බව තරුණ කලාකාරිනියක වන සමනලී ෆොන්සේකා මෙනවිය කියන්නීය.

‘නිල් පාට ඇඳගත් තිස් දෙනෙක් විතර ගැහැණු පිරිමි  ඇවිත් අපට පරුෂ වචනයෙන් බැන්නා. කිහිප දෙනෙක් අපට පහර දුන්නා. අපි දැන් කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයයට යනවා පැමිණිලි කරන්න.‘

මෙම තරුණ කලාකරුවන් පිරිස අතර මොහාන්රාජ් මඩවල, ජගත් මනුවර්ණ, ඉන්ද්‍රචාප ලියනගේ ඇතුළු පිරිසක් ද සිටිති.

ඔවුහු මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දක්වති.