කලා වැව අසලදී දොස්තරට ගහයි : සල්ලිත් කොල්ල කයි


කලාවැව බලලුවැවේ දිය නෑමට ගිය මරදංකඩවල ප්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරයකුට පහර දී මුදල් හා බිරියගේ රන් මාලය  කොල්ල කෑ බවට සැක පිට යුද හමුදා සෙබළෙක් හා සගයෙක් කැකිරාව පොලිසියෙන් අත්අඩංගුවට ගනු ලැබූහ.

තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවත්, වෛද්‍යවරයාගේ නහයද තුවාල වී ඇති බවත්, ඔහු මරදංකඩවල රෝහලට ඇතුළු කළ බවත් පොලිසිය කියයි.