
(කාංචන කුමාර ආරියදාස)
ධාතුසේන රජතුමා විසින් අතීතයේ කළ බව කියන කලා සහ බළලු වැව ආසන්නයේ රජයේ රක්ෂිතයේ ඇති මහ ගස් කොළන් කපා ඩෝසර් කර එළිපෙහෙළි කිරීමේ ක්‍රියාවලිය මේ දිනවල සිදුවෙමින් පවතින බව ප්‍රදේශය බාර වනජීවී නිලධාරීහු පෙන්වා දෙති.
ප්‍රාදේශීය ලේකම් සහ පලාගල ගොවිජන සේවා දෙපාර්තමේන්තුවට අයත් දික්ඇදියාව හා බළලු වැව ප්‍රදේශයේ රජයේ ඉඩම් අත්පත් කර ගැනීමට වන අලින් ගමන් ගන්නා මාර්ග පිහිටා ඇති ඉතා වටිනා ඉඩම් විනාශ කරන බව ද මේ නිසා සතුන්ට ද බරපතල ප්‍රශ්නයක් සිදුවෙමින් පවතින බව ද වනජීවී නිලධාරීහු පෙන්වා දෙති.
බළලු වැව හා දික්ඇදියාව ඉස්මත්තේ අලි මංකඩ මේ වන විටත් විශාල භූමියක් ඩෝසර් දමා සුද්ධ පවිත්‍ර කර ගිනි තබා තිබේ. එමෙන්ම එහි තිබූ වටිනා ගස් කොළන් වැල් ආදී යන්ත්‍රසූත්‍ර දමා කපා ගස් කුට්ටි කර ඇති අයුරු දැක ගැනීමට හැකිවිය.
මෙම රක්ෂිතය එළි පෙහෙළි කරන ආසන්නයේම තවත් පිරිසක් පලාගල ප්‍රාදේශීය සභාවෙන් අවසර ලබාදුන් බව පවසමින් යම්කිසි ඉදිකිරීමක් සිදු කරමින් සිටින අයුරුද වනජීවී නිලධාරීහු පෙන්වා දුන්හ.එම ඉදිකිරීම සිදුකරමින් සිටින පිරිස ගෙන් කියා සිටියේ මෙම ඉදිකිරීම් කරන ස්ථානයේ අක්කරයක පමණ ඉඩම් භූමියක් ප්‍රාදේශීය සභාව මගින් ගම්මුන්ට සොහොන් භූමියකට ලබා දී ඇති බවය.කෙසේ වෙතත් රජයේ රක්ෂිතය විශාල වශයෙන් එළි-පෙහෙළි කරන ඩෝසර් කරන ගස් කොළන් කපා දමන්නේ කවුරුන්ද යන්න තමන් ඇතුළු කණ්ඩායම නොදන්නා බව ඔවුහු පෙන්වා දුන්හ.
මෙම ස්ථානයේ කාලයක් තිස්සේ ඉතා ඝනව වැඩී තිබූ වනාන්තරයේ තිබු කොහොඹ ගස් කපා මේ වන විටත් ප්‍රධාන කඳ කොටස් රැගෙන ගොස් ඉතිරි දැව කොටස් යන්ත්‍රසූත්‍ර දමා කුට්ටි කර රැගෙන යෑම සඳහා සූදානම් කර ඇති අයුරු ද එහි ගිය අපට දැක ගැනීමට හැකි විය.
අවට පදිංචි පිරිසක් බව කියූ කණ්ඩායමක් කියා සිටියේ මෙම ස්ථානයේ සිදුකෙරෙන මහා පරිසර විනාශයන් නීතිවිරෝධී ක්‍රියාවලි පිළිබඳව ප්‍රාදේශීය ලේකම්වරයා පොලීසිය ග්‍රාම නිලධාරී ඇතුළු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට පවා දැනුම් දුන්නද රජයේ නිලධාරීන් කිසිදු අවදානමක් නොගන්නා බවය.රජයේ රක්ෂිත වෙනත් කණ්ඩායමක් අල්ලා ගැනීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වෙන බව ගම්මු පෙන්වා දුන්හ.
මෙම මහා පරිසර විනාශය ඉඩම් අත්පත් කර ගැනීමේ ජාවාරම පිළිබඳව පලාගල ප්‍රාදේශීය ලේකම් අතුල බණ්ඩාර සෙනරත් මහතා විමසීමේ දී කියා සිටියේ තමන් වහාම මේ පිළිබඳව සොයා බලන බවය. කිසිදු ඉදිකිරීමකට හෝ ඉඩම් අත්පත් කරගැනීමට හෝ අවස්ථාවක් ලබාදී නැති බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.




