කල්පිටියේ ගොඩබිමෙන් කෑල්ලක් මූදේ


කල්පිටිය ඉලංකච්චියේ ගොඩ බිමක කොටසක්  මුහුදට ක්ෂය වී ඇත. කිලෝමීටරයක් දිග සහ මීටර් 30 ක් පළල පෙදෙසක් මෙසේ මුහුදු කැමට ලක් විය.  

ගොඩ බිම තිබූ  තිරිවානා කදු, ගල් වැටි  ආදිය මුහුදට සේදී ගොසිනි.  සිකුරාදා කල්පිටියෙන් මුහුදු යාමට ආ යාත්‍රා 50 ක් පමණ බත්කුලම් ගුණ්ඩුවේ නවත්වා ඇත. මුහුද රළු බව දැනගත් ධීවරයෝ සිය ගමන නතර කිරීම නිසා ජීවිත බේරී තිබේ. එහෙත්  රුපියල් ලක්ෂ ගනනක් වටිනා දැල් ගසාගෙන ගොස් ඇතැයි ධීවරයෝ කියති.