
(පද්මා කුමාරී කංකානම්ගේ)
කල්පිටිය කන්දකුලිය ඊච්චාන්කාඩුව ධීවර තොටුපළින් පසු ගිය හයවෙනි දා මුහුදු ගොස් යාන්ත්රික දෝෂයකට ලක්ව ක්රියා විරහිත වූ ධීවර යාත්රාව අද (8 )දින සැන්දෑවේ ධීවරයින් ද සමගින් මුදා ගත් බැව් වාර්තා වේ.
මෙසේ අනතුරට පත්ව තිබුනේ "විහාරා" නම් එක් දින ධීවර යාත්රාවකි.
පසු හයවෙනි දා අලුයම ධීවරයන් තිදෙනෙකු ද සමගින් පන්න ධීවර රැකියාව සදහා විහාරා පිටත්ව ගියේ එදින රාත්රියේ යළි පැමිණෙන අපේක්ෂාවෙනි. නමුත් එදින රාත්රී නවයට පමණ යාත්රාවේ එන්ජිම ක්රියා විරහිත වීම නිසා යාත්රාව පන ගැන්වීමට නොහැකිව මුහුදේ පාවෙන්නට පටන්ගෙන ඇත.
යාත්රාවේ ගමන් ගත් නොයෙල් ඇන්ටන් ප්රනාන්දු (අවුරුදු 37 ),සුදේෂ් සුසන්ත (අවුරුදු 22) සහ ලියන්ගේ ප්රසාද් නිරන්ජන් යන ධීවරයන් තිදෙනා යාත්රාවේ අසරණව සිටියෝ ය.
හත් වෙනිදා වන විට යාත්රාව ඉන්දියන් මුහුදු සීමාව කරා වේගයෙන් පාව යද්දී ධීවරයින් සතුව ආහාර හෝ ජලය තිබුනේ නැත.
ඉන්දීය මුහුදු සීමාවේ දී ඔවුන්ට හමුවූ ඉන්දීය ධීවර යාත්රා මගින් ආහාර හා ජලය මෙම ධීවරයින්ට ලබා දී ඇත. ඒ වන විට රෑ දෙකක් මෙම ධීවරයෝ අන්ත අසරණව අවිනිශ්චිතව මුහුදේ පසු වී ඇත.

