කල්පිටිය රෝහලට පොලිස් ආරක්ෂාව


කල්පිටිය රෝහලට මින් මද වේලාවකට පෙර පොලිස් ආරක්ෂාව යෙදූ බව කල්පිටිය පොලීසිය කියයි.

වෛද්‍යවරයකුගේ පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකින් බෙහෙත්  ගත් රෝගියකු අසනීප වී මරුමුවට පත්වීමේ සිද්ධියෙන් පසු පිරිසක් රෝහලේ ජනෙල් දොරවල්වලට ගසා කඩා දමා ඇතැයි පොලීසියට පැමිණිලි කැර තිබේ.