කල්පිටිය, කන්දකුලියේ වැලිපර සමුද්‍ර අභය භූමිය,දෙස් විදෙස් සංචාරක නෙත් සිත් ඇඳ බැදගත් ස්වභාව දහෙම් අපුරු නිර්මාණයකි. කල්පිටි අර්ධද්විපෙය්, උච්චිමුණේ දුපතට බටහිරින් වෙරළේ සිට කිලෝමිටර දෙකක් පමණ දුරින් වර්ග කිලෝමිටර 307ක් පුරා විහිදෙන මෙම කොරල් පරය 1992 දී වන ජීවී සංරක්ෂණ දෙපාර්තෙම්න්තුවේ අංක708/24-1992 දරණ ගැසට් නිවේදනය මගින් අභය භූමියක් ලෙස ද ප්‍රරකාශයට පත් කැර ඇත.
මෙම කොරල් පරය කොරල් විශේෂ 136කින් හ ඒ ආශ්‍රිත මත්සය විශේෂ 400කින් සමන්විත ජෛව විවිධත්වෙයන් අනූන වු ස්වභාවික පරිසරයකි. මෙම පරය, බාධක පරය යන වර්ගයට අයත් වේ.
බාර් පරය ජෛව විද්‍යාත්මක අතින් අතිශයින්ම වැදගත් පරිසර පද්ධතියකි. ඉස්සන් පොකිරිස්සන් ගල්මාළු ඇතුළු මසුන් රැසකගේ අභිජනන මධ්‍යස්ථානය හෙවත් තිඹිරිගෙය වනුයේ ද බාර් පරයයි. මුහුදු කෑම වැලක්විමේලා ද බාර් පරෙයන් සිදුවනුයේ ඉමහත් සේයකි.
ඩොල්පින් මසුන් වැනි මුහුදු ක්ෂීරපායින් රැසකටද සෙවණ සලසනුයේ බාර් පරයයි . එසේම ජලජ ජිවී සමීක්ෂණ සඳහා ද විවිධ අත්හදා බැලීම් සඳහා ද පර්යේෂණාගාරයක් වශෙයන් ද බාර් පරය වැදගත් වේ.
මෙම පරය මේ වන විට විනාශවීමේ තර්ජනයකට මුහුණපා ඇත. කන්දකුලිය ඊච්චන්කාඩුව ධීවර සමිතියේ සභාපති නොයෙල් ප්‍රනාන්දු මහතා;
"බාර් පරය ධීවරයින්ගේ වටිනා ධන නිධානයක් වෙගයි. ධීවරයාට අවශ්‍ය සම්පත් රැකෙන්නේ ඒනිසයි. තහනම් පන්න භාවිතා කරන්නන්ගේ අදුරදර්ශී ක්‍රියා නිසා බාර් පරය මේ වනවිටත් විනාශ වෙලා."
ඩොල්පින් නැරඹුම් සංවිධානෙය් සභාපති නීල් සුදත් කිත්සිරි අදහස් දක්වමින්;
"බොහෝ සංචාරකයන් කොරල් පර මත ඇවිදිනවා, ඒ ආසන්නෙය් බෝට්ටු නවතා ආහාර මත්පැන් ගෙන අපද්‍රව්‍ය බාර් පරයට දමනවා.‘
බාර් පරය සුරැකීමේ කටයුත්තට අතගැසූ එකම සංවිධානය කල්පිටියේ සාගර හා වෙරළ සංරක්ෂණ පදනමයි. මෙහි සභාපති උපාලි මල්ලිකාඅරච්චි මහතා මෙසේ කියයි.
"වසර හතරකට වැඩි කාලයක් බාර් පරය රැකගැනීමට අපි වෙහෙසෙනවා. යුද්ධය නිමාවීමත් සමග වයඹ දිග මුහුදේ ධීවරෙ මෙහයුම් හා මානව ක්‍රියාකාරකම් ඉහල යනවා. විශේෂයෙන්ම තහනම් දැල් භාවිතය, බාර් පරයේ දැල් එළීම, මුහුදු කුඩැල්ලන්,මුහුදු බෙල්ලන් ඇල්ලීම වැනි නීති විරෝධී ක්‍රියාකාරකම් බහුලයි"






