කල්පිටි ඉඩම් අවුල ලෙහන්න යයි


කල්පිටියේ රජයේ අනවසර ඉඩම් කොන්දේසි මත ඒවායේ පදිංචිකරුවනට  දීමට යයි.

ප්‍රාදේශිය ලේකම් රංගන ප්‍රනාන්දු මහතා පවසනුයේ අයථා පරිහරණයට ලක් වු ඉඩම් හඳුනා ගැනීමේ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක බවයි.

දැනට රජයේ ඉඩම් අක්කර 667 ක් මෙසේ හඳුනාගෙන ඇත.එම ඉඩම්වල රාජ්‍ය අයිතිය පිළිගැනිම්,ව්‍යාජ ඔප්පු අවලංගු කිරීම් යන කොන්දේසි දෙකට එකග වන පදිංචිකරුවන්  දීර්ඝ කාලීන බදු පදනම යටතේ එම ඉඩම් පැවරීම සලකා බලන බව ප්‍රාදේශිය ලේකම් පවසයි. කල්පිටියේ රජයේ බොහෝ ඉඩම්,ඉස්සන් ඇතුළු ධීවර සංචාරක හා කෘෂිකර්ම  කටයුතු සඳහා යොදා ගැනේ