
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ඊශ්‍රායල සහ ඉරාන යුද තත්ත්වය පිළිබඳ සභාව කල්තැබීමේ යෝජනාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ සජබ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා කලින්ම බැහැරව ගොස් තිබීම නිසා පාර්ලිමේන්තුව හෙට පෙරවරු 9.30 දක්වා කල් තැබීමට නියෝජ්‍ය කතානායක රිස්වි සාලි මහතා කටයුතු කළේය.
අද පාර්ලිමේන්තුව ඇරැඹුමේදීම අදාළ යෝජනාව කල් තැබීමේ අවස්ථාවේ විවාදයට ගත යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන බලවේගය සභාවෙන් ඉල්ලා සිටි අතර අද දින විවාදයට නියමිතව තිබූ කල්තැබීමේ විවාදය පසුවට තබා ආණ්ඩු පක්ෂයට සජබ යෝජනාවට එකඟතාව පළ කළේය.
ඒ අනුව අද පස්වරු 3.30ට අදාල කල් තැබීමේ යෝජනාව විවාදයට ගැනීමට තීරණය කෙරිණි.
පාර්ලිමේන්තුවේ නියමිත විවාදයෙන් අනතුරුව සභාව කල් තබන අවස්ථාවේ විවාදය ඇරැඹීමට සූදානම් වුවද කල් තැබීමේ විවාදය ඉදිරිපත් කළ අජිත් පී. පෙරේරා මහතා සභාවේ නොසිටියේය.
ඒ අනුව සභාව කල් තබන බව නියෝජ්‍ය කතානායකවරයා නිවේදනය කළේය.

