කලවානේ පාසල් 9 ක ආරම්භය කල්යයි


(උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම සහ ලසන්ත නිරෝෂණ )

කලවාන ප්‍රදේශයේ කොරෝනා පැතිරයාමේ අවදානමක් පවතින හෙයින් හෙට (11) සදුදා පැවැත්වීමට නියමිතව තිබූ පාසල් 9  ක් හෙට දිනයේ විවෘත නොකරන බව කලවාන කොට්ඨාස අධ්‍යාපන කාර්යාලය පැවසීය .

සබරගමු පළාත් අධ්‍යාපන කාර්යාලය මගින් නිල වශයෙන් ඒ සදහා අනුමැතිය ලැබුණ බවද එම කාර්‍යාලය පැවසීය.

කලවාන ජාතික පාසල ,කලවාන ප්‍රාථමික විද්‍යාලය ,කලවාන ගාමිණී මධ්‍ය මහා විද්‍යාලය ,කලවාන ගාමිණී ප්‍රාථමික විද්‍යාලය ,ජයන්ති මහා විද්‍යාලය ,තපස්සරකන්ද රාජකීය ප්‍රාථමික විද්‍යාලය , නාවලකන්ද විද්‍යාලය ,කොඩිප්පිලිකන්ද විද්‍යාලය ,පිටිගලකන්ද විද්‍යාලය හෙට දිනයේ විවෘත නොකරන බව කලවාන කොට්ඨාස අධ්‍යාපන කාර්‍යාලය පැවසීය .මෙම පාසල් නගරය අවට හා කොරෝනා රෝගීන් වැඩිවශයෙන් වාර්තා වූ ප්‍රදේශවල පාසල් බවද එම කාර්යාලය පැවසීය .

එම පාසල් විවෘත කරන දිනය පසුව දැනුම් දෙන බවත් එම පාසල් වල ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යයාවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව උදෙසා මෙම තීරණය ගත් බවද එම කාර්යාලය පැවසීය .