කලගෙඩිහේනේ අනතුරක්


කලගෙඩිහේන හංදියේදී ත්‍රීරෝද රථයක් හා වෑන් රියක් ගැටීමෙන් දස දෙනකු රෝහල් ගත කළ බවත්, සිව් දෙනකුගේ තත්ත්වය ඉතා බරපතල බවත් පොලීසිය කියයි.

සිව් දෙනකු මිය ගිය බවට ලැබුණු වාර්තා රෝහලෙන් තහවුරු කර ගැනීමට නොහැකි විය.

කතෝලික දේවස්ථානයක පියතුමන්ලාගේ පිරිසක් වෑන් රියේ ගමන් කළ බව ද පොලීසිය කියයි.