තමිල්නාඩු ප්‍රාන්තයේ සරණාගත කඳවුරුවල සිටි තවත් ශ්‍රී ලාංකික සරණාගතයන් 26 දෙනෙකු සඳුදා (24) යළි දිවයිනට පැමිණීමට නියමිත බව නැවත පදිංචි කිරීම් සහ හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශය පවසයි.
2011 වසරේ සිට මේ දක්වා තුළ ඉන්දියාවේ සිටින පවුල් 1874කට අයත් ලාංකික සරණාගතයින් 5140 ක් සරණාගතයෝ පිළිබද එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් කාර්යාලයේ මැදිහත් වීමෙන් යළි දිවයිනට පැමිණියහ. පසුගිය 18 වැනිදා ද 30 දෙනෙක් ඇත.
ශ්‍රී ලාංකික සරණාගතයෝ 64 000 ක් පමණ දකුණු ඉන්දියාවේ සරණාගත කඳවුරු 109 ක රැඳී සිටිති. නිවෙස්වල සිටින සංඛ්‍යාවද සැළකූ විට ඉන්දියාවේ සිටින මුළු ශ්‍රී ලාංකික සරණාගත සංඛ්‍යාව ලක්ෂයකට ආසන්න වන බවද සරණාගතයින් පිළිබද එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් කාර්යාලය කියයි.