කරුවලගස්වැව සුළඟින් නිවාස 46 කට හානි


පුත්තලම -අනුරාධපුර මාර්ගයේ කරුවලගස්වැව  10 කණුව සහ 12 කණුව අතර ප්‍රාදේශය හරහා හමා ගිය දැඩි සුළගකින් එම ප්‍රදේශයේ මාර්ගය දෙපස නිවාස 46ක ට අළාබ හානි සිදුවී ඇති බව පුත්තලම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.
වර්ෂාවත් සමග සුළග හට ගෙන තිබේ පැය භාගයක පමණ කාලයක් පැවැති බව කියන මෙම සුළගට කිසිවෙකුත් පදිංචි නැති නිවාස 2ක වහළ සෙවිලි සම්පූර්ණයෙන්ම ගැලවී ගොස් ඇති අතර, නිවාස 44ක වහළ සෙවිලි ( උළු, ඇස්බැස්ටස්, තහඩු,) සුළු වශයෙන් ගැලවී ගොස් ඇති බවද ආපදා කළමනාකරණ ඒකකය සදහන් කරයි. මෙහිදී අනතුරක් සිදුවී නැති බවත් පැවසූ ආපදා කළමනාකරණ ඒකකය අදාළ නිවාසවලට සිදුවී ඇති අළාබහානි සම්බන්ධයෙන් තොරතුරු රැස් කෙරෙමින් පවතින බවත් පැවසීය.