ප්‍රාදේශීය සභා සභාපති ධූරයෙන් අද (09) සිට තාවකාලිකව ඉවත් වූ බව කරුවලගස්වැව ප්‍රාදේශීය සභාවේ සභාපති නීල් වීරසිංහ මහතා පැවසීය.
ජනාධිපතිවරයාටත්,ආරක්ෂක ලේකම්වරයාට,පොලිස්පතිවරයාට මෙන්ම ආණමඩුව ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරයාට සහ වයඹ පළාත් පාලන කොමසාරිස්වරයාටද තීරණය දැනුම් දුන් බව වීරසිංහ මහතා සඳහන් කළේය.
පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා තම නිවසට පැමිණ පහර දීම සම්බන්ධයෙන් කරුවලගස්වැව පොලීසිය විධිමත් ලෙස ක්‍රියාත්මක වී නොමැති බවත්,තමන් විසින් හෝ තම ඥාතියකු විසින් යම් කිසි ක්‍රියාවක් සිදු කළ හොත් කඩිනමින් නීතිය ක්‍රියාත්මක කරන පොලීසිය මෙම අවස්ථාවේදී ඒක පාක්ෂිකව කටයුතු කර ඇති බවද නීල් වීරසිංහ මහතා පැවසීය.
තමා භාරයේ තිබු ප්‍රාදේශීය සභාවට අයත් සියළුම දේපොළ සභා ලේකම්වරයා වෙත බාර දුන් බව ද වීරසිංහ මහතා සදහන් කළේය.


